'අන්ඩර්ටේකර්' ගැන මේ කරුණු දැන සිටියාද?

The Undertaker

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published

'අන්ඩර්ටේකර්' යනු ලොව පුරා මෙන්ම රෙස්ලින් තරගවලට ප්‍රිය කරන ශ්‍රී ලාංකිකයන් අතර ද ජනප්‍රිය චරිතයකි.

ඔහු පසුගියදා රෙස්ලින් වළල්ලට සමු දුන් අතර ලොව වටා රසිකයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් ද සමාජ ජාල ඔස්සේ ඒ පිළිබඳ කණස්සල්ල පළ කර සිටියහ.

පසුගියදා පැවති WWE තරගයේ දී රෙස්ලින් වළල්ල මැදට පැමිණි 'අන්ඩර්ටේකර්' සිය අත් වැසුම්, හිස් වැසුම සහ කබාය උනා දැමුවේ වසර විසි පහක ක්‍රීඩා දිවියට සමු දෙමිනි.

මාක් විලියම් කැලවේ, 52 හැවිරිදි 'අන්ඩර්ටේකර්ගේ' සැබෑ නමයි.

උපහාර

line
line

සිය වෘත්තීය දිවිය තුළ බරපන්ති ශූරතා කීපයක් දිනා ඇති ඔහු 'රෝයල් රම්බල්' ශූරයෙකු ද වේ.

1984 වසරේ දී WCCW (World Class Championship Wrestling) ශූරතාවලියෙන් රෙස්ලින් පිටියට පිවිසි 'අන්ඩර්ටේකර්' WWE වෙත හඳුන්වා දෙනු ලැබෙන්නේ අනූව දශකයේදීය.

'අන්ඩර්ටේකර්' WWE ප්‍රමුඛයෙකු ලෙස ද සැලකේ.

බේලි, බෙලා නිවුන් සහෝදරියෝ සහ ඔස්ටින් එරියස් වැනි රෙස්ලින් ශූරයෝ සමාජ ජාල ඔස්සේ 'අන්ඩර්ටේකර්' වෙත සිය උපහාර පුද කළහ.