අඟහරු ලොවේ සුනාමියක්

අඟහරු
ඡායාරූප ශීර්ෂ වැකිය, එහි විශාල සාගර කලාපයක් පැවතියේනම් ඒ මගින් යැපුණු ජීවීන් ද සිටි බවට සැකකළ හැකි බවටයි අදහස් පළවන්නේ
Published

ග්‍රහවස්තුවක් ගැටීමෙන් අඟහරු ග්‍රහයා මත අති දැවැන්ත සුනාමි රැල්ලක් ඇතිවූ බවට තවත් සාක්‍ෂි විද්‍යාඥයන් විසින් සොයාගනුලැබ තිබේ.

ඇමරිකාවේ ටෙක්සාස්හි පැවති සම්මන්ත්‍රණයකදී පර්යේෂකයන් ප්‍රකාශ කළේ වසර බිලියන තුනකට පෙර රතු ග්‍රහයා සහ ග්‍රහවස්තුවක් ගැටීමෙන් නිර්මාණය වූ ආවාටයක් හඳුනාගත් බවය.

මෙම ගැටීමෙන් එහි පැවති මහ සයුරේ මීටර එකසිය පනහක් උස සුනාමි රැළි නැගුනු අතර ලුණු සහිත ජලය සහ අනෙකුත් සුන්බුන් ඈත ගොඩබිම් ප්‍රදේශ දක්වා පැතිරී ගියේය.

බීබීසී වාර්තාකරුවෙකු පැවසුවේ අඟහරු ග්‍රහයා වියළි සහ හුදකලා බිමක් ලෙස දැනට අප දැනගෙන සිටියද එහි විශාල සාගර කලාපයක් පැවතියේනම් ඒ මගින් යැපුණු ජීවීන් ද සිටි බවට සැකකළ හැකි බවය.