සුනඛ සුරතලාට කෘතීම ශ්වසනය ලබාදුන් ගිනි නිවන භටයෙක්

Andrew Klein performs "mouth to snout" resuscitation on Nalu
Published

ගින්නට හසු වූ නිවසකින් බේරා ගනු ලැබූ සුරතල් සුනඛයෙකුට මිනිත්තු විස්සක කාලයක් කෘතීම ශ්වසනය ලබා දුන් ගිනි නිවන භටයෙකු පිළිබඳ ඇමරිකාවෙන් වාර්තා වේ.

ගිනි නිවන භටයාගේ එම ක්‍රියාකලාපය දැඩි ප්‍රශංසාවට ලක් වී තිබේ.

කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා මොනිකා නගරයේ පිහිටි නිවස ගින්නට හසු වීමත් සමග උෂ්ණත්වය සහ ගින්නෙන් නැගුණු දුමාරය හමුවේ සුනඛයා සිහිසුන් විය.

නමුත් නාලු නමැති දස හැවිරිදි සුනඛයාගේ දිවි බේරා ගැනීමට හැකි වූයේ ඇන්ඩෲ ක්ලෙයින් නමැති ගිනි නිවන භටයාගේ දැඩි පරිශ්‍රමය හේතුවෙනි.

නාලුට දැන් සනීපයි

Nalu receiving oxygen
ඡායාරූප ශීර්ෂ වැකිය, මේ වනවිට නාලු සම්පූර්ණ සුවය ලබා සිටී

ගින්නට හසු වූ නිවසේ නිදන කාමරයක් තුළ සිහිසන්ව වැතිර සිටි නාලු සොයා ගනු ලැබූ ඇන්ඩෲ "සම්පුර්ණයෙන් ඔහුගේ පණ ගිහින් වගේ තිබුණේ" යනුවෙන් AP පුවත් සේවයට පැවසීය.

"මම ඔහු උස්සලා අරන් මහල් නිවසෙන් පිටතට දිව ගියා. මොකද කාලය කියන දේ ඉතා වැදගත්" යනුවෙන් ඔහු පැවසීය.

මේ වනවිට නාලු සම්පූර්ණ සුවය ලබා සිටින අතර සිය සුරතලාගේ දිවි බේරා දීම පිළිබඳ ඔහුගේ හිමිකාරිය ඇන්ඩෲ ඇතුළු සෙසු ගිනි නිවන භටයන් වෙත ස්තූතිය පළ කළාය.