පිලිපීනය: "දෙසීයකට ආසන්න පිරිසක් මරා දැමුවා"

පිලිපීන සෙනට් මණ්ඩලය වෙත සාක්ෂි ලබා දුන් විශ්‍රාමික පොලිස් නිලධාරී අතුරෝ ලස්කනාස්
ඡායාරූප ශීර්ෂ වැකිය, පිලිපීන සෙනට් මණ්ඩලය වෙත සාක්ෂි ලබා දුන් විශ්‍රාමික පොලිස් නිලධාරී අතුරෝ ලස්කනාස්
Published

පිලිපීනයේ ජනාධිපති රොද්‍රිගෝ දුතාර්තේ නගරාධිපතිවරයෙකු වශයෙන් කටයුතු කළ සමයේ ඔහුට සම්බන්ධ ඝාතන කණ්ඩායමක සාමාජිකයකු වශයෙන් තමන් කටයුතු කළ බව එරට විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් පවසයි.

ඝාතන කණ්ඩායම තුළ සිටි සමයේ තමන් විසින් දෙසීයකට ආසන්න පිරිසක් මරා දැමූ බව විශ්‍රාමික පොලිස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියි.

එවකට ඩවාව් නගරයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජනාධිපති දුතාර්තේ වෙනුවෙන් ඝාතන සිදු කළ බව විශ්‍රාමික පොලිස් නිලධාරී අතුරෝ ලස්කනාස් මීට ඉහතදී ප්‍රතික්ෂේප කළ නමුත් පසුව ඔහු විසින් සිය ප්‍රකාශය වෙනස් කරනු ලැබ තිබේ.

පිලිපීන සෙනට් මණ්ඩලය වෙත සාක්ෂි ලබා දෙමින් අතුරෝ කියා සිටියේ සිය පවුලේ සහ සමීපතමයන්ගේ ජීවිතවලට තර්ජනයක් සිදු වෙතැයි බියෙන් තමන් මීට ඉහතදී අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ බවය.

'ජාවාරම්කරුවන්ට මරණය'

line
line
අත්අඩංගුවේ පසුවන සැකකරුවන්
ඡායාරූප ශීර්ෂ වැකිය, මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවට සැකපිට අත්අඩංගුවට පත් පිරිසක්

විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ සාක්ෂිය පිළිබඳව ප්‍රතිචාරය පළකරන ජනාධිපති දුතාර්තේ ගේ ප්‍රකාශකයෙක්, අදාළ චෝදනාව ගොතන ලද්දක් බව පැවසීය.

පසුගිය වසරේදී සෙනට් මණ්ඩලය ඉදිරියට කැඳවන ලද තවත් ඇසින් දුටු සාක්ෂිකරුවෙකු ද මීට සමාන ප්‍රකාශයක් ලබා දී තිබේ.

මත් උවදුර මුලිනුපුටා දමන බවට ප්‍රතිඥා දුන් ජනාධිපති දුතාර්තේ බලයට පැමිණීමෙන් පසු එරට පොලිසිය විසින් දහස් ගණනක් මරා දමා ඇති බවට මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි.