මාව දූෂණය කළා -ඉන්දීය නිළියක්

සැකකරුවන් අතර ඇයගේ රියදුරා ද වෙයි
ඡායාරූප ශීර්ෂ වැකිය, සැකකරුවන් අතර ඇයගේ රියදුරා ද වෙයි
Published

ඉන්දියාවේ ජනප්‍රිය නිළියක පැහැරගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

චිත්‍රපටයකට හඬ කැවීම සඳහා යමින් සිටියදී පැහැරගෙන ගොස් තම මෝටර් රථය තුළදී තිදෙනෙකු විසින් දූෂණය කරනු ලැබූ බව මෙම නිළිය චෝදනා කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කේරළ පොලිසිය විසින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ ඇත.

සැකකරුවන් අතර ඇයගේ රියදුරා ද වෙයි.

අසභ්‍ය ඡායාරූප

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබන ප්‍රධාන සැකකරු තවමත් පොලිසියෙන් සැඟවී සිටියි.

එම පුද්ගලයා ද පැමිණිලිකාර නිළියගේ රියැදුරකු ලෙස කලින් සේවය කර ඇත.

නිළිය පවසන්නේ පැය දෙකක් ඇතුළත පැහැරගැනීම සහ දූෂණය සිදුවූ අතර ඇයගේ අසභ්‍ය ඡායාරූප සමාජ මාධ්‍ය ජාලයට මුදාහරින බවට, දූෂණය සිදුකළ පිරිස තමන්ට තර්ජනයකළ බවය.