උතුරු කොරියානු මිසයිලයට එරෙහිව ට්‍රම්ප්-අබේ එක්වෙති

මිසයිල

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජපන් අගමැතිවරයා පැවසුවේ උතුරු කොරියාවේ මෙම ක්‍රියාව ඉවසාසිටිය නොහැකි බවය
Published

උතුරු කොරියාව ජපාන මුහුදට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ලකිරීම ජපානය සහ ඇමරිකා එක්සත් ජනපදය යන දෙරට විසින් හෙළා දැක තිබේ.

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ ජපන් අගමැති ෂින්සෝ අබේ ෆ්ලොරිඩාහිදී පැවති හමුවකට සහභාගීවී සිටියදී මෙම මිසයිල් ප්‍රහාරය පිලිබඳ වාර්තා විය.

ජපන් අගමැතිවරයා පැවසුවේ උතුරු කොරියාවේ මෙම ක්‍රියාව ඉවසාසිටිය නොහැකි බවය.

මෙහිදී ඇමරිකාව ජපානය වෙනුවෙන් මුළුමනින්ම පෙනීසිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පනවා ඇති සම්බාධක සීමාවන් ඉක්මවා යමින් සිදුකළ මෙම මිසයිල් ප්‍රහාරය පිලිබඳ අදහස් දක්වමින් දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේ න්‍යෂ්ඨික සහ මිසයිල තාක්ෂණය පිලිබඳ උතුරු කොරියාවේ ඇති අසාමාන්‍ය කැමැත්ත මෙම ප්‍රහාරය මගින් පිළිබිඹු වන බවය.