කාන්තාවන්ට පමණයි : ඉන්දීය කුලී යතුරුපැදිකාරියෝ

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉන්දියව
Published

පොදු ප්‍රවාහන සේවය තුළ තමන්ට අත්විඳීමට සිදු වී ඇති ලිංගික හිරිහැරවලින් අත්මිදීමට ඉන්දීය කාන්තාවෝ විකල්ප මාර්ග වෙත යොමු වෙමින් සිටිති.

කාන්තාවන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා ඉන්දියාවේ කුලී යතුරුපැදි සේවයක් ආරම්භ වී ඇත.

රැකියාව බලා යන ඉන්දීය කතුන් සේවා ස්ථානය වෙත රැගෙන යන යතුරුපැදි පදවන්නියක් පිළිබඳ බීබීසීයේ ශාලු යාදෙව් ගේ වාර්තාවක් ඇසුරින් සැකසුණු වීඩියෝ පටය ඉහතින් නරඹන්න.