අලෙප්පෝ සාමාන්‍ය වැසියන් ඉවත් කිරීමේ මෙහෙයුම්

ඡායාරූප මූලාශ්‍රය, PA
Published
දරුණු සටන් පවතින සිරියාවේ නැගෙනහිර අලෙප්පෝ කලාපයෙන් සාමාන්‍ය වැසියන් ඉවත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව රතු කුරුස සංවිධානය පවසයි.
සටන් පවතින කලාපයේ කොටුව සිටින තුවාල ලැබූවන් දෙසීයක පමණ පිරිසක් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ කණ්ඩායම් නගරයෙන් පිටතට රැගෙන එමින් සිටින බව වාර්තා වේ.

ඡායාරූප මූලාශ්‍රය, PA
බදාදා වන විට අලෙප්පෝ නගරයේ නැගෙනහිර කලාපයෙන් සාමාන්‍ය වැසියන්ට සහ සන්නද්ධ කැරලිකරුවන්ට ඉවත් වීමට නිවේදන නිකුත් කොට තිබුණ ද එදිනට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබූ සටන් විරාමය බිඳ වැටීම හේතුවෙන් සාමාන්‍ය වැසියන් ඉවත් කිරීමේ මෙහෙයුම් කඩාකප්පල් විය.
වසර හතරක දරුණු සටන් වලින් අනතුරුව පසුගිය සතියේ අලෙප්පෝ නගරයේ කැරලිකරුවන් අත පැවති ප්‍රදේශ සියල්ල සිරියානු රජයේ හමුදා විසින් නැවත අත් පත් කර ගනු ලැබුණි.
























