දේශප්‍රේමී වන්න! - ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය

India

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනතාව දේශප්‍රේමී හැඟීමෙන් යුතුව කටයුතු කළයුතු බවද අධිකරණය ප්‍රකාශ කළේය
Published

ඉන්දියාවේ, ජාතික කොඩියේ රූපයක්ද සහිත ජාතික ගීය රටේ සෑම සිනමාහලකම දර්ශනවාරයක් ආරම්භවීමට පෙර වාදනයවීමට සැලැස්විය යුතු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුකළ බව වාර්තාවේ.

එයට ගෞරව දැක්වීමක් ලෙස නරඹන්නන් ආසනවලින් නැගී සිටීමද ඉන් අපේක්ෂා කෙරේ.

ජනතාව තම පෞද්ගලික නිදහස පිලිබඳ අභිමතය පරිදි කටයුතු කිරීම නවතා දේශප්‍රේමී හැඟීමෙන් යුතුව කටයුතු කළයුතු බවද අධිකරණය ප්‍රකාශ කළේය.

India

ඡායාරූප මූලාශ්‍රය, AFP

මේ දක්වා මෙම කරණය සම්බන්ධව ඉන්දියාවේ ප්‍රාන්ත විසිනවය තුළ ඒවාටම අනන්‍යවූ නීති පැවතුණි.

එසේවුවද, ජාතික ගීය වෙනුවෙන් නැගිට සිටීම අනිවාර්ය නොවන බව පසුගිය වසරේ ඉන්දියානු අධිකරණයක් තීන්දුකළේ එමගින් කැළඹීමක් සහ ව්‍යාකූලතාවක් ඇතිවියහැකි බව පවසමිනි.