වඳුරු පැටවෙකු සහ එළු පොව්වෙකු අතර සංහිඳියාවක්

වීඩියෝ ශීර්ෂ වැකිය, වඳුරු පැටවෙකු සහ එළු පොව්වෙකු අතර සංහිඳියාවක්
Published

වඳුරු පැටවෙකු සහ එළු පොව්වෙකු අතර පවතින අපූරු මිතුදමක් පිළිබඳ චීනයෙන් වාර්තා වේ.

චීනයේ යිචුන් නගරයේ ගොවිපළකින් හමු වූ වඳුරු පැටවා එළුවෙකු පිට නැගී එළු රංචුව සමග සංචාරයේ යෙදෙන අයුරු කැමරා කාචයේ සටහන් විය.

වඳුරු පැටවා සත්වෝද්‍යානයකට ගෙනගොස් උස්මහත් වූ පසු වනයට මුදා හරින බව ප්‍රාදේශීය වනජීවී නිලධාරීහු පවසති.