රියැලිටි රූපවාහිනියෙන් ජනපති පුටුවට

Donald Trump
ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප් කුඩා කාලයේ නිව්යෝර්ක් නගරයේදී හැදීවැඩුනේ ධනවත් ව්‍යාපාරිකයෙකුගේ සිව් වැනි පුතු ලෙසටය
Published

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් කුඩා කාලයේ නිව්යෝර්ක් නගරයේදී හැදී වැඩුනේ ධනවත් ව්‍යාපාරිකයෙකුගේ සිව් වැනි පුතු ලෙසටය.

පසුව ඔහු තම පවුලේ ව්‍යාපාරය බ්රූක්ලින් සහ ක්වීන්ස් හි නිවාස සංඛීර්නවල සිට මෑන්හැටන් ප්‍රදේශය දක්වා රැගෙන ගියේය.

පස්වැනි වීදියේ 'ට්‍රම්ප් කුළුණ' ඔහුගේ සාර්ථකත්වයේ සලකුණක් ලෙස සැලකේ.

Donald Trump
ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රම්ප් ඇමරිකාව තුළ කවුරුත් දන්නා චරිතයක් බවට පත්වුයේ ඇමරිකානු රූපවාහිනියේ 'ද ඇප්‍රන්ටිස්' වැඩසටහන ඔස්සේය

එහෙත් පසුව ඔහු තම ව්‍යාපාර කැසිනෝ සහ හෝටල් ව්‍යාපාරය දක්වා ව්‍යාප්ත කළ අතර එහි ප්‍රතිඵලය වූයේ සිව් වතාවක්ම බංකොලොත්භාවයට පත්වීමයි.

කෙසේවුවද, ෆොර්බ්ස් සඟරාවට අනුව ට්‍රම්ප්ගේ වර්තමාන දේපළවල වටිනාකම ඩොලර් බිලියන 3.7 ක් වුවද ට්‍රම්ප් නිරතුරුව පවසන්නේ එය ඩොලර් බිලියන 10 ක් බවය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව තුළ කවුරුත් දන්නා චරිතයක් බවට පත්වුයේ ඇමරිකානු රූපවාහිනියේ 'ද ඇප්‍රන්ටිස්' රියලිටි වැඩසටහන ඔස්සේය.

Donald Trump
ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප් තම බිරිඳ සහ දරුවන් සමග

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමෙන් පසු තම ප්‍රචාරක ව්‍යාපාරය තුළ ප්‍රකෝපකාරී අදහස් දැක්වීමේ ක්‍රමයක් අනුගමනය කළ ට්‍රම්ප් ඇමරිකානු ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, මෙක්සිකානු දේශසීමාව හරහා තාප්පයක් බැඳීමටත්, මුස්ලිම් භක්තිකයන් ඇමරිකාවට ඇතුල්වීම තාවකාලිකව තහනම් කිරීමටත් පොරොන්දු දී තිබිණ.

මේ වනවිට හැත්තෑ වැනි වියේ පසුවන ට්‍රම්ප් තුන් වතාවක් විවාහ වී ඇති අතර ඔහුගේ වර්තමාන බිරිඳ වන්නේ නිරූපිකාවක් වන මෙලනියා නවුස්ය.