ඊ මේල් පණිවුඩවල විශේෂත්වය හෙළිකරන්න - හිලරි

Hillary Clinton

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, 'වොටර්ගේට්' සිදුවීමෙන් පසු සිදුවූ විශාලතම දූෂණ චෝදනාව එය බවයි ක්ලින්ටන්ගේ ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ
Published

අලුතෙන් සොයාගනු ලැබූ ඊ මේල් පණිවුඩවල විශේෂත්වය පිළිබඳව නොපමාව FBI ආයතනය විසින් පැහැදිළි කිරීමක් කළයුතු බව හිලරි ක්ලින්ටන් පවසයි.

එම ඊ මේල් පණිවුඩ හිලරි ක්ලින්ටන් ඇමරිකානු රාජ්‍ය ලේකම්ව සිටි කාලය තුළ පරිහරණය කළ සංවේදී තොරතුරු සමග සබඳතා ඇතිබව FBI ආයතනය මින් පෙර පවසා තිබුණි.

ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකා හිලරි ප්‍රකාශ කළේ එම ඊ මේල් පණිවුඩ පිලිබඳ පරීක්ෂණය අවසන් කිරීමට FBI ගත් තීරණය වෙනස් නොවනු ඇති අතර කිසිවකු අපරාධ චෝදනාවකට ලක් නොවනු ඇති බවට විශ්වාසයක් තමා තුළ පවතින බවය.

එහෙත් එම පරීක්ෂණය යළි අරඹා ඇති අතර 'වොටර්ගේට්' සිදුවීමෙන් පසු ඇමරිකානු ඉතිහාසයේ සිදුවූ විශාලතම දූෂණ චෝදනාව එය බව ක්ලින්ටන්ගේ ප්‍රතිවාදියා වන රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.