'අප්‍රිකානු ජීවිත නගාසිටුවීම සංක්‍රමණික ගැටළුවට විසඳුමක්'

Angela Merkel

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇය විසින් පවත්වනු ලැබීමට නියමිත දේශන ඉලක්ක කර ඇත්තේ අප්‍රිකාව තුළ සිටින ජිහාඩ්වාදී කණ්ඩායම් වලට එරෙහිව සටන්කිරීම පිළිබඳවයි.
Published

ජර්මනියේ චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කල් ඉරිදා අප්‍රිකානු රටවල් තුනක සංචාරයක් ආරම්භ කළාය.

ඇය පවසන්නේ ජර්මනියට අවශ්‍ය වන්නේ අප්‍රිකානුවන්ගේ ජීවිත නගා සිටුවීමට සහාය දීම බවයි.

අප්‍රිකානු කළාපයේ සමෘද්ධිය සහ ස්ථාවරත්වය සහතික කිරීමෙන් යුරෝපයට පළා එන පිරිස අඩුකර සංක්‍රමණික ගැටලුවට විසඳුම් සෙවිය හැකි බවයි මාලි, නයිජර් සහ ඉතියෝපියාව යන රටවල් තුනක සංචාරය කරන ජර්මානු චාන්සලර්වරිය පවසන්නේ.

ඇය විසින් පවත්වනු ලැබීමට නියමිත දේශන ඉලක්ක කර ඇත්තේ අප්‍රිකාව තුළ සිටින ජිහාඩ්වාදී කණ්ඩායම් වලට එරෙහිව සටන්කිරීම පිළිබඳවයි.

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් කටයුතු වලට සම්බන්ධවූ ජර්මානු සොල්දාදුවන් මාලි සහ නයිජර් රාජ්‍යවල සේවයේ යෙදී සිටිති.