කොංගෝවේ නගරයකින් මළ සිරුරු 30 ක් හමුවෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
Published
ප්‍රහාරයකින් ඝාතනය කෙරුණු සිවිල් වැසියන් තිස් දෙනෙකුගේ මළ සිරුරු කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නැගෙනහිර ප්‍රදේශයේ දී හමුදාව විසින් සොයා ගනු ලැබුණි.
කොංගෝ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකයෙකු වන මාර්ක් අසුරේ (Mark Azuray) ඒ.එෆ්.පී. ප්‍රවෘත්ති සේවාවට කියා සිටියේ මෙම ඝාතනය රාත්‍රි කාලයේ දී බෙනි නගරය තුළ සිදුවී ඇති බවයි.
ඒ.ඩී.එෆ්. කැරලිකාර කණ්ඩායම විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවටයි හමුදාව සැක කරන්නේ.
උගන්ඩා ජාතික සම්භවයක් සහිත ඒ.ඩී.එෆ්. කැරලිකාර කණ්ඩායම කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ දේශ සීමාව ආසන්නයේ ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායමකි.
























