අනවසර මත්පැන් පානය කළ දාහතක් මරුට

අනවසර මත්පැන් පානය කළ දාහතක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, Thinkstock

Published

නීති විරෝධී ලෙස නිෂ්පාදනය කරන ලද මත්පැන් පානය කළ උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කම්කරුවන් දාහත් දෙනකු මරුමුවට පත් වී ඇති බව එරට පොලිසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ වෙළෙන්දකු අත්අඩංගුවට ගෙන ඇති අතර බලධාරීන් කීපදෙනකුගේ වැඩ තහනම් කොට තිබේ.

නීති විරෝධී ලෙස සකසන ලද මත්පැන් විෂ වීම හේතුවෙන් සිදු වන මරණ ඉන්දියාවෙන් නිතර වාර්තා වේ.

ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත තුළ මත්පැන් වෙළඳාම නීතියෙන් තහනම් අතර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට අසල්වැසි බිහාර් ප්‍රාන්තය මත්පැන් වෙළඳාම තහනම් කිරීමට පියවර ගනු ලැබුවේ පසුගිය අප්‍රේල් මාසයේදී.

මත්පැන් වෙළඳාම තහනම් කිරීම තුළින් අධික මත්පැන් පානය සහ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට හැකි වනු ඇති බව එම ක්‍රියාමාර්ගයට සහාය පළ කරන පිරිස් පවසති.

ඒ හරහා ප්‍රමිතියකින් තොර නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය වැඩි වනු ඇති බවට ඇතැම් පිරිස් තර්ක කරති.