මිනිසා සමග පොර බදින ස්වභාවධර්මය

Published

2016 වසරේ ඇට්කින්ස් CIWEM පාරිසරික ඡායාරූප තරඟාවලියේ සම්මාන ලද ඡායාරූප එකතුව.

Wildfire in Alberta, Canada
ඡායාරූප ශීර්ෂ වැකිය, වසරේ හොඳම පාරිසරික ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ සාරා ලින්ඩ්ස්ට්‍රෝම් (Sara Lindstrom) විසිනි. වනාන්තර ලැව් ගින්නක් ඇය විසින් ඉතා දක්ෂ ලෙස සිය කැමරාවේ සටහන් කරනු ලැබ තිබුණේ මේ අයුරින්.
Peregrine on a balcony in Chicago.
ඡායාරූප ශීර්ෂ වැකිය, දක්ෂතම තරුණ පාරිසරික ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ‘නිරූපණ ශිල්පී උකුස්සා’ යනුවෙන් නම් කරන ලද මෙම ඡායාරූපය ඉදිරිපත් කළ ලූක් මෙසී (Luke Massey) විසිනි.
House on a beach in Chennai
ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු ඉන්දියාවේ චෙන්නායි මුහුදු තීරයේ සමුද්‍ර ඛාදනය මැනවින් පිළිබිඹු කරන මෙම ඡායාරුපය නම් කර තිබුණේ ‘මිනිසා වගකිවයුතු විනාශයෙන් භූමිය අහිමි වූ මිනිසෙක්’ යනුවෙනි. මාධ්‍ය ඡායාරූපකරණයේ යෙදුනු ඉන්දීය ජාතික SL කුමාර් ශාන්ත් (SL Kumar Shanth) විසින් ඉදිරිපත් කළ සේයාරුවකි.
Lifejackets in Lesbos
ඡායාරූප ශීර්ෂ වැකිය, 2016 වසරේ කාලගුණ විපර්යාසය කාණ්ඩය යටතේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ මාධ්‍ය ඡායාරූපකරණයේ යෙදුනු ජර්මන් ජාතික සැන්ද්‍රා හෝයින් (Sandra Hoyn) විසිනි. ග්‍රීසියේ සිට තුර්කිය බලා පැමිණි අනවසර සංක්‍රමණිකයන් විසින් මුහුදු තීරයේ හැර දමා ගිය ජීවිත රක්ෂක ජැකට්ටු ඇය සිය කැමරාවට හසු කර ගෙන තිබුණේ මේ අයුරින්.
Salt Lake Urmi, Iran
ඡායාරූප ශීර්ෂ වැකිය, ස්වභාවධර්මය සහ ආර්ථිකය වෙනුවෙන් 2016 වසරේ පිදුණු සම්මානය හිමි කර ගැනීමට සමත් වූයේ පෙද්රම් යස්දානි (Pedram Yazdani) විසිනි. ඉරානයේ සිඳී ගිය උර්මියා ලවණ විල ඉරානයේ ආර්ථිකය මැනවින් පිළිබිඹු කරන බවයි පෙද්රම් සිය ඡායාරූපයෙන් කියවෙන කතාව විස්තර කරමින් කියා සිටියේ.
A builder in Palangka Raya, Central Kalimantan, Indonesia.
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දුනීසියාවේ පලන්ග්කා රායා ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතු වල නිරතව සිටින බෝරන් වහුන් (Bjorn Vaughn) විසින් ඉදිරිපත් කර තිබූ මෙම ඡායාරූපය ලෝකයාට සමාජය සහ පාරිසරික ගැටළු දෙස නව මානයකින් බැලීමට අවස්ථාවක් උදා කරන බවයි විනිසුරුවන්ගේ අදහස වුනේ.
Pearl Farm, Manihiki Atoll,
ඡායාරූප ශීර්ෂ වැකිය, දුර්ලභ කළු පැහැති මුතු (black-pearl) වගා කිරීම වෙනුවෙන් පැරණි කොරල්පර වලින් සෑදුනු දූපතක ගොඩනගා ඇති මෙම ගොවිපොළ සිය කැමරාවට හසු කර ගත්තේ රිචර්ඩ් සිඩේ (Richard Sidey) විසිනි.
Two men fishing
ඡායාරූප ශීර්ෂ වැකිය, චීනයේ සියෑන්ග් විලේ මසුන් මරණ මිනිසුන් දෙදෙනෙකු සිය කැමරාවේ සටහන් කර ගැනීමට සමත් වුයේ ඡායාරූප ශිල්පී යුයාන්ග් ලියූ (Yuyang Liu) විසිනි.
Houcheraghi, 2015 / Iran.
ඡායාරූප ශීර්ෂ වැකිය, ‘මුහුදු පාසි වලින් විහිදෙන මේ අපූර්ව ආලෝකය මා මායා ලෝකයකට කැන්දා ගෙන යාමට සමත් වුනා’ ඉරානයේ ලරාක් මුහුදු තීරයේ ඇවිද යමින් සිටියදී පූයැන් ශාද්පුර් (Pooyan Shadpoor) විසින් ගනු ලැබූ මෙම ඡායාරූපය යටින් ඔහු ලියා තිබුණි.
Floods on Boxing Day - Hebden Bridge, West Yorkshire, UK
ඡායාරූප ශීර්ෂ වැකිය, 2015 වසරේ දෙසැම්බර් මස විසිහය වෙනිදා බටහිර යෝක්ෂෙයාර් ප්‍රාන්තයේ කාල්ඩර් නිම්නයේ පිහිටි මිල් නගරයට බලපෑ දැඩි ගංවතුර හමුවේ නොසැලී හිඳින ගොඩනැගිලි ඡායාරූපයට නැගුවේ ස්ටීව් මෝර්ගන් (Steve Morgan) විසිනි.
Pollution in a foundry
ඡායාරූප ශීර්ෂ වැකිය, වායු දූෂණය නිරූපනය කිරීම ඉලක්ක කර ගෙන බටහිර බෙංගාලයේ කල්කටා නගරයේ පිහිටි ලෝහ කම්හලක් ඡායාරූපයට නැගූ රාජු ගෝෂ් (Raju Ghosh) කියා සිටියේ වායු දූෂණයට අමතරව මෙම කම්හලේ සේවය කරන පුද්ගලයන්ගේ ශරීර සෞඛ්‍යයට ද මෙය අහිතකරව බලපාන බවයි.
The worst drought in 50 years, 2016 / Afar region / Ethiopia
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉතියෝපියාව වසර පනහක් තුළ මුහුණ දුන් දරුණුම නියඟයට ගොදුරු වූ පවුලක් සිය කුඩාරම ගඟ අසලට ගෙන යාමට බදු බාහිරාදිය පොදි බඳිමින්......
Life in Boiler, Kashba, Kolkata, West Bengal
ඡායාරූප ශීර්ෂ වැකිය, ‘බටහිර බෙංගාලයේ කල්කටා නගරයේ කම්කරුවෝ’ සුදිප්තා දත්තා චවුද්‍රී (Sudipta Dutta Chowdhury ) විසින් ගනු ලැබූ ඡායාරූපයකි.