අලෙප්පෝ සුන්බුන් අතරින් මතුවූ අහමඩ්

වීඩියෝ ශීර්ෂ වැකිය, අහමඩ් සුන්බුන් අතරින් බේරාගන්නා අකාරය
Published

උතුරු සිරියාවේ අලෙප්පෝ නගරයට එල්ලවූ ගුවන් ප්‍රහාර හේතුවෙන් විනාශ වූ ගොඩනැගිලි වල සුන් බුන් වලට මැදිවී සිටි ළමයෙකු බේරා ගන්නා අකාරය දැක්වෙන වීඩියෝවකි මේ.

එහි සිටින ක්‍රියාධරයෙකු විසින් බීබීසීය වෙත ලබා දුන් මෙම වීඩියෝවේ දැක්වෙන්නේ කැරළිකාර කණ්ඩායම් වල පාලනයේ පවතින තරීක් අල් බාබ් දිස්ත්‍රික්කයේ අලෙප්පෝ නගරයට එල්ලවූ ගුවන් ප්‍රහාර වලින් පසු විනාශ වූ ගොඩනැගිලි සුන් බුන් අතරින් වයස අවුරුදු එකොළහක් වූ අහමඩ් නම් ළමයා බේරා ගන්නා ආකාරයයි.