ඕර්ලන්දෝ 'ඩිස්නි උද්‍යානය' අසළ දී දෙහැවිරිදි දරුවෙකු කිඹුලෙකුට බිලිවෙයි

Police officers search for the child

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ග්රෑන්ඩ් ෆ්ලොරිඩියන්' නිවාඩු නිකේතනය අසලදීය මෙම ඛේදවාචකය සිදුවී ඇත්තේ.
Published

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි පොලීසිය ඕර්ලන්දෝ 'ඩිස්නි' නිවාඩු නිකේතනයට නුදුරින් වූ කුඩා කලපුවක දී කිඹුලෙකු විසින් රැගෙන යන ලද වයස අවුරුදු දෙකක දරුවකු සොයමින් මෙහෙයුම් අරඹා තිබේ.

ඩිස්නි සමාගමට අයිති 'ග්රෑන්ඩ් ෆ්ලොරිඩියන්' අධි සුඛෝපභෝගී නිවාඩු නිකේතනය පිහිටා ඇත්තේ 'ඩිස්නි මැජික් කින්ඩම්' උද්‍යානයට නුදුරුවයි.

මෙම දරුවා කලපුව අසළ සිටියදී කිඹුලෙකු විසින් ජලය තුළට ඇදගෙන ගොස්තිබේ.

පියා විසින් දරුවා බේරා ගැනීමට කරන ලද උත්සාහය අසාර්ථක වූ බවයි වාර්තාවන්නේ.

'ඩිස්නි' තේමා උද්‍යානයේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම සිදුවීමෙන් ඔවුන් අතිශය කම්පනයට පත්වී සිටින බවයි.

කිඹුලන් ගේ ප්‍රහාරයට ලක්වීම ෆ්ලොරිඩා හි සුලභ සිදුවීමකි.

1948 සිට මේ දක්වා ෆ්ලොරිඩා හි දී පුද්ගලයන් 22 දෙනෙකු කිඹුලන්ට ගොදුරු වී තිබේ.