ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් අලෙවියෙන් ටාටා සමාගමේ ලාභ ඉහළට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
Published
සුඛෝපභෝගී ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් මෝටර් රථවල ඉහළ අලෙවිය හේතුවෙන් ටාටා මෝටර් සමාගමේ ලාභය ඉහළ ගොස් ඇත.
පසුගිය වසර හා සැසඳීමේදී කාර්තුවක් තුළ ටාටා සමාගමේ ලාභාංශ තුන් ගුණයකින් ඉහළ ගොස් තිබේ.
එම අගය රුපියල් බිලියන 51.7 කි.
මාර්තු දක්වා වූ මාස තුනක කාලය තුළ ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් මෝටර් රථ අලෙවිය 28% ඉහළ ගොස් ඇත.
ඉන්දියාව තුළ ටාටා ට්‍රක් රථ සඳහා පවතින ඉල්ලුම ඉහළ යාමත් සමාගමේ ලාභය කෙරෙහි බලපා තිබේ.
ෆෝඩ් මෝටර් සමාගමට අයත්ව තිබූ ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් සමාගම ටාටා සමාගම ව විසින් මිළදී ගනු ලැබුවේ 2008 වසරේදී.
























