සදහටම මැලවෙන මහා බාධක කොරල්පරය

Published

මෙම ලෝක උරුමය විනාශ වීමට නොදී රැක ගැනීමට නම් හරිතාගාර විෂ වායු පිට කිරීම් අඩු කිරීමට ලෝකයට ඉතිරිව ඇත්තේ ඉතාමත් කෙටි කාලයක් බවයි මහාචාර්ය ටෙරී හියුස් පවසන්නේ.

Great Barrier Reef
ඡායාරූප ශීර්ෂ වැකිය, ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරයේ(Great Barrier Reef) උතුරු සහ මධ්‍යම කොටස් වල 35%ක ප්‍රමාණයක් කොරල්පර දුර්වර්ණ වෙමින්(bleaching) විනාශ වී ඇති බව විද්‍යාඥයෝ පවසති.
Great Barrier Reef
ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මහා බාධක කොරල්පරයේ මෙතෙක් වාර්තා වී ඇති විශාලම වර්ණය දුර්පැහැ ගනිමින් කොරල් මිය යාමේ විනාශය මෙය ලෙස හඳුන්වා දිය හැකි බවයි ජේම්ස් කුක් විශ්ව විද්‍යාලයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ.
Great Barrier Reef
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම විනාශය සිදු වන්නේ මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ යාමෙන් කොරල්පර දුර්වල වීම නිසා ඔක්සිජන් සහ පෝෂක ලවන වර්ග නිපදවන කොළ පැහැති ඇල්ගී විශේෂ මිය යාම හේතුවෙනි.
Great Barrier Reef
ඡායාරූප ශීර්ෂ වැකිය, මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ යාමට බලපාන ප්‍රධානම සාධකය වී තිබෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙස ඇති වන කාලගුණ විපර්යාසයයි.
Great Barrier Reef
ඡායාරූප ශීර්ෂ වැකිය, ජේම්ස් කුක් විශ්ව විද්‍යාලයේ කොරල්පර අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය ටෙරී හියුස් කියා සිටියේ, “ටවුන්ස්විල් සහ පැපුවා නිව්ගීනියාව අතර මහා බාධක කොරල්පරයේ උතුරු කොටසේ සහ මධ්‍යම කොටසේ කොරල්පර අසූ හතරක සිදු කළ අධ්‍යනයකින් හෙළි වූ කරුණු අනුව මේ වන විට 35%ක පරමානයක කොරල් දුර්පැහැ ගැන්වී මියගොස් නැත්නම් මිය යමින් තියෙනවා” යනුවෙනි.
Great Barrier Reef
ඡායාරූප ශීර්ෂ වැකිය, “වසර දහ අටක කාලයක් තුළ තෙවන වරටයි මේ ආකාරයේ මහා විනාශයක් කොරල් පරයේ දැක ගන්න ලැබෙන්නේ. මේ විනාශයට හේතු වෙලා තියෙන ප්‍රධානම කාරණය තමයි ගෝලීය උණුසුම ඉහළ යාම, මෙවර වාර්තා වෙලා තියෙන හානිය අපි මින් පෙර නොදුටු විශාල පිමානයේ කොරල්පර මිය යාමක් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්.” මහාචාර්ය ටෙරී හියුස් වැඩි දුරටත් අදහස් දැක්වීය.
Great Barrier Reef
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම ලෝක උරුමය විනාශ වීමට නොදී රැක ගැනීමට නම් හරිතාගාර විෂ වායු පිට කිරීම් අඩු කිරීමට ලෝකයට ඉතිරිව ඇත්තේ ඉතාමත් කෙටි කාලයක් බවයි මහාචාර්ය ටෙරී හියුස් පවසන්නේ.
Great Barrier Reef
ඡායාරූප ශීර්ෂ වැකිය, දැනට සිදු වී ඇති හානිය ඇස්තමේන්තු කරන විද්‍යාඥයන් පවසන්නේ කොරල් පරයේ මතුපිට නැවතත් යතා තත්වයට පත් වීමට නම් හිතකර පරිසර තත්වය යටතේ දශකයක් හෝ ඊට වැඩි කාලයක් ගත වනු ඇති නමුත් විනාශය හේතුවෙන් මිය ගිය අභ්‍යන්තරයේ තිබූ ඉතා පැරණි කොරල් නැවත වර්ධනය වීමට ඊටත් වඩා වැඩි කාල වකවානුවක් ගත වනු ඇති බවයි.
Great Barrier Reef
ඡායාරූප ශීර්ෂ වැකිය, ජේම්ස් කුක් විශ්ව විද්‍යාලයේ විශේෂඥ කණ්ඩායම විසින් මෙම වාර්තාව නිකුත් කර තිබෙන්නේ මාස ගණනාවක් මුළුල්ලේ ඉතා තීව්‍ර රේඩියෝ තාක්ෂණය යොදා ගනිමින් මුහුද යට සිදු කරන ලද පරීක්ෂණ රාශියක ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමෙනි.
Great Barrier Reef
ඡායාරූප ශීර්ෂ වැකිය, මහා බාධක කොරල් පරයේ කොරල් අවපැහැ ගැනීමෙන් මිය යාමට බලපාන මුහුදු ජලයේ අධික උෂ්ණත්වය ඇති කරනු ලබන්නේ ඒ අවට මුහුදේ දිය වැල් දෙකක ක්‍රියාකාරිත්වය මගිනි.
Great Barrier Reef
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම දියවැල් වල අසාමාන්‍ය ක්‍රියාකාරීත්වයට හේතු වී තිබෙන්නේ, දේශගුණික විපර්යාසයෙන් ඉහළ නැගෙන පෘතුවියේ උෂ්ණත්වයෙන් 93% ක ප්‍රමාණයක් මුහුදු ජලය මගින් උරා ගැනීමයි.
Great Barrier Reef
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉතා අධික උෂ්ණත්වයකින් යුතු මුහුදු ජලයේ බලපෑම මත දුර්වල වන කොරල්පරයේ අභ්‍යන්තරය එහි මතුපිට වැවෙන එක් ඇල්ගී විශේෂයකට (zooxanthellae) ජීවත් වීමට අවශ්‍ය ඛනිජ ද්‍රව්‍ය සැපයීම නැවැත්වීම නිසා එම ඇල්ගී මිය යාමෙන් මුළු කොරල් පරයටම අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂක ඛනිජ සැපයීම අඩාළ වෙයි.
Great Barrier Reef
ඡායාරූප ශීර්ෂ වැකිය, එහි ප්‍රතිඵලයක් ලෙස කොරල් පරය මිය යාමට ලක් වන අතර මතුපිට වර්ණය මුළුමනින් ම සුදු පැහැයට හුරු අවපැහැයකට හැරීම ආරම්භ වෙයි.