යෝෂිතගෙන් ප්‍රශ්න කරයි

යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳුනේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණයක් ද පැවැත්වේ
ඡායාරූප ශීර්ෂ වැකිය, යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳුනේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණයක් ද පැවැත්වේ
Published

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂ අද, බදාදා කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ.

ඔහු එසේ කැඳවා ඇත්තේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබීයදී සොයා ගන්නා ලද සැහැල්ලු ගුවන් යානය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා බව පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

පැය දෙකක පමණ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් ලබා ගෙන ඇති බවත් පොලිස් ප්‍රකාශකයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ යෝෂිත රාජපක්ෂ ගේ සොහොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ ඔහු නිර්දෝෂී බවත් නිර්දෝෂීභාවය ඔප්පු කිරීම සඳහා සියලු උත්සාහයන් දරන බවයි.