තවත් පක්‍ෂ කාර්යාල නවයකට ප්‍රහාර -කැෆේ

පසුගිය සතියේ දී පැය 72 ක් තුළ මොණරාගල දිස්ත්‍රික්කයේ විපක්ෂයේ පක්ෂ කාර්යාල 21 ක් විනාශ කොට තිබුණු බවද වාර්තා විය.

ඡායාරූප මූලාශ්‍රය, caffesrilanka.org

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය සතියේ දී පැය 72 ක් තුළ මොණරාගල දිස්ත්‍රික්කයේ විපක්ෂයේ පක්ෂ කාර්යාල 21 ක් විනාශ කොට තිබුණු බවද වාර්තා විය.
Published

අගෝස්තු 29 සහ 30 දෙ දින වැල්ලවාය සහ මොණරාගල ප්‍රදේශ වලින් මැතිවරණ කාර්යාල නවයකට පහර දීම් වාර්තා වී ඇති බව නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වූ කැෆේ සංවිධානය පවසයි.

එජාපයේ කාර්යාල හතරක්, ජවිපෙ කාර්යාල පහක් මෙලෙස ප්‍රහාරයට සහ ගිණි තැබීම්වලට ලක් වී ඇති බවත් එයින් තුනක් මුඵමනින්ම විනාශ වී ඇති බවත් කැෆේ සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පසුගිය සතියේ දී පැය 72 ක් තුළ මොණරාගල දිස්ත්‍රික්කයේ විපක්ෂයේ පක්ෂ කාර්යාල 21 ක් විනාශ කොට තිබුණු බවද ඔවුන් වාර්තා කර තිබුණි. කැෆේ සංවිධානය විසින් මැතිවරණ කොමසාරිස්වරයාට සහ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අංක තහඩු රහිත සහ ගරාජ් අංක සහිත වාහන මැතිවරණ ව්‍යාපාරයන් හි යෙදවීම පිළිබඳ පැමිණිලි තුනක් ඉදිරිපත් කොට ඇත.

විපක්ෂයේ මැතිවරණ කාර්යාල වෙත දිගින් දිගටම එල්ල වන ප්‍රහාර සහ ඊට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබදව කැෆේ සංවිධානය කනගාටුව පළ කරයි.