ශ්‍රී ලංකාවෙන් නව ආරක ජෛව පොහොර වර්ගයක්

Published

ක්‍ෂුද්‍ර ජීවීන් ප්‍රජාවක් වශයෙන් සිටින බයෝ ෆිල්ම් වර්ගයේ කාබනික පොහොර වර්ගයක් ලෝකයට හඳුන්වා දීමට හන්තාන මූලික අධ්‍යාපන ආයතනයේ විද්‍යාඥයෙක් සමත්ව සිටියි.

අනෙකුත් ජෛව පොහොර වලට වඩා දෙගුණයකින් රසායනික පොහොර භාවිතය අඩු කිරීමේ හැකියාවක් බයෝ ෆිලිම් පොහොර වලට ඇති බවයි එය සොයා ගත් මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න කියා සිටින්නේ.

කෘෂි බිම් හෙක්ටයාර්යක් තුල වැඩියෙන්ම කෘෂි රසායන භාවිත කරන රට ශ්‍රී ලංකාව බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවක් උපුටා දක්වමින් පෙන්වා දෙන විශ්ලේෂකයෝ, විශේෂයෙන්ම උතුරු මැද පළාත පුරා වකුගඩු රෝගය පැතිර යාමට මෙම කෘෂි රසායන හේතු වන බව පවසති.

මේ තත්වය තුල අනෙකුත් ජෛව පොහොර වලට වඩා දෙගුණයකින් රසායනික පොහොර භාවිතය අඩු කිරීමේ හැකියාවක් තිබෙන බවද බයෝ ෆිල්ම් කාබනික පොහොර හඳුන්වා දුන් මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න පවසයි.

වසර දහයක පමණ කාලයක සිට කළ පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස මෙම පොහොර සොයා ගත් බව කියා සිටින මහාචාර්ය සෙනෙවිරත්න, ශ්‍රී ලංකාවේ දැනටමත් වාණිජ වශයෙන් මෙම පොහොර නිෂ්පාදනය කෙරෙන බවද ප්‍රකාශ කළේය.