ලසන්ත වික්‍රමතුංග පස් වැනි ගුණ සමරුව

Published

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ පස් වැනි ගුණ සමරුව බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරුණි. (වීඩියෝව)

පවුලේ ඥාතීන් සහ හිතවතුන් ගේ සහභාගිත්වයෙන් පැවති මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ද පැමිණ සිටියේය.

මීට පස් වසරකට ඉහත දී ලසන්ත වික්‍රමතුංග ජීවිතක්ෂයට පත් වූයේ නාඳුනන තුවක්කු කරුවකුගේ වෙඩි පහරට ලක් වීමෙන්.