'අන්ධ නිසා වාහනයක් අතගාන්න නොදුන් අය දැන් වාහන හදාගන්න මගේ ළඟට එනවා'
Published
උපතින් ලද ආබාධ සහිත තත්ත්වයන් නිසා නොසැලී ජීවිතය ජය ගැනීමට සියලු දෙනා උත්සාහ කළ යුතු. බව දෑස් සම්පුර්ණයෙන්ම නොපෙනු ද වාහන අලුත්වැඩියා කරන මලිදු තිලකරත්න පවසයි.
ඔහු ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයේ ගරාජයක් පවත්වාගෙන යනු ලැබේ.
''අන්ධ නිසා මට ඉස්සර වාහනයක් අතගාන්න නොදුන් අය දැන් වාහන හදාගන්න මගේ ළඟට එනවා. ඉස්සර මම අතගානවා කියලා තාත්තා ළඟට හදන්න ගෙනාපු වාහනත් ආපහු අරගෙන ගිහින් තියෙනවා. දැන් ඒ අය වාහන හදාගන්න මගේ ළඟට එනවා.'' යනුවෙන් ඔහු BBC සිංහල සේවයට පැවසුවේය.




