කැනඩා සිහිනය බොඳවූ ශ්‍රී ලාංකිකයන් වියට්නාමයේ කඳවුරක සිට BBCයට කතා කරයි
Published
යළි ශ්‍රී ලංකාවට යෑමේ කිසිඳු සුදානමක් නොමැති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී වෙනත් රටක තමන්ට සරණාගත බව ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව වියට්නාමයේ කඳවුරක සිටින ශ්‍රී ලාංකිකයෝ BBCයට පැවසුහ.
ගුවන්නින් මියන්මාරයට ගොස් එතැන් සිට නීති විරෝධිව මුහුදු මගින් කැනඩාව බලා ගමන් කරමින් සිටියදී අනතුරට පත් යාත්‍රාවක සිටි ශ්‍රී ලාංකිකයන් 303ක් නොවැම්බර් 07 වැනිදා බේරාගත් අතර ඔවුන් මේ වනවිට වියට්නාමයේ රඳවා තිබේ.
ජලය කාන්දු වෙමින් පැවති සරණාගතයින් ගමන් කළ යාත්‍රාව ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ ජපානයට අයත් නෞකාවක් මගින් මේ පිරිස බේරාගෙන වියට්නාමයට භාර දී තිබිණි.
