කාලගුණය :19 දක්වා පවතින වැස්සෙන් සුළු ගංවතුරක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් කියයි

වීඩියෝ ශීර්ෂ වැකිය, 19 දක්වා පවතින වැස්සෙන් සුළු ගංවතුරක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් කියයි
Published

ඉදිරි දින කිහිපය තුළ ද වර්ෂාව පවතින බැවින් සුළු ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසයි.

දිවයින අවට පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් දක්නට ලැබෙන බැවින් බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි වැඩිවී ඇති බව ඔහු සදහන් කළේය.

මේ තත්ත්වය මත නාය යෑම්, අකුණු ගැසීම්, ගස් කඩා වැටීම් වැනි අනතුරු ඉහළ යා හැකි අතර ලබන 19 පමණ වනතෙක් මේ වැසි පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.