''ත්‍රිපෝෂ ගැන මම කියපු කතාව හරි.'' උපුල් රෝහණ කළ ප්‍රකාශය යළි තහවුරු කරයි

වීඩියෝ ශීර්ෂ වැකිය, ''ත්‍රිපෝෂ ගැන මම කියපු කතාව හරි.'' උපුල් රෝහණ කළ ප්‍රකාශය යළි තහවුරු කරයි
Published

රජය බෙදා හරින ලද ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් නැමති විෂ කාරකය, එහි අඩංගු විය යුතු ප්‍රමිතියට වඩා ඉහළ මට්ටමක ඇතැයි තමන් කළ ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ යළි තහවුරු කරමින් කරුණු ඉදිරිපත් කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ දැනුම් දීමකට අනුව අද (සැප්තැම්බර් 23) ඔහු විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටියේය.

කෙසේ වෙතත් කිසිසේත්ම ඇෆ්ලටොක්සින් මට්ටම වැඩි නිෂ්පාදන බෙදාහැර නොමැති බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න අවධාරණය කර තිබේ.

මේ පිළිබඳව සමාජයේ දැඩි අවධානයක් යොමුව ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර කියවීමට,