පොහොට්ටුවේ තවත් 13ක් ස්වාධීන වෙන්න හේතුව මහාචාර්ය ජී.එල් කියයි

වීඩියෝ ශීර්ෂ වැකිය, පොහොට්ටුවේ තවත් 13ක් ස්වාධීන වෙන්න හේතුව මහාචාර්ය ජී.එල් කියයි
Published

තමන් ඇතුලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 13දෙනෙකු පාර්ලිමේන්තුවේදී ස්වාධීනව ක්‍රියා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් පවසයි.

ජනතාවගෙන් බලය ලබා ගන්නා අවස්ථාවේදී ලබා දුන් පොරොන්දු කඩ කරමින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් ක්‍රියා කිරීම නිසා මේ තීරණය ගන්නා ඔහු අද (අගෝස්තු 31) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

කිසිවෙකුගේ වාසි වෙනුවෙන් ඡන්ද කල් දැමීමට ඉඩ නොදෙන බව ද ඔහු අවධාරණය කළේය.