ආර්ථික අර්බුදය:''මාළු නෙමෙයි දැන් අපේ මාළු තමයි කන්න වෙලා තියෙන්නේ.''
Published
ඉන්ධන මිල වැඩි කිරීම සහ ඉන්ධන හිඟය නිසා බොහෝ ධීවරයන් මුහුදු යෑමෙන් වැළකී සිටීමත් සමඟ මාළු මිල සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
මේ ගැටලුවට වහාම විසඳුම් ලබාදෙන ලෙස ධීවරයෝ දිගින් දිගටම ඉල්ලා සිටිති.
''මාළු නෙමෙයි දැන් අපේ මාළු තමයි කන්න වෙලා තියෙන්නේ.'' සහ ''ඉඩකඩන් උකස් තියන්න වෙනවා මාළු කෑල්ලක් කන්න.'' ආදී වශයෙන් මාළු මිලදී ගැනීමට අද (අගෝස්තු 24) මීගමුව මහලෙල්ලමට පැමිණ සිටි පිරිස BBCයට අදහස් දක්වමින් පැවසුහ.


