පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළ:''කුලී වැඩ කරන අම්මගේ මාලේ උකස් තියලා පුහුණුවීම් කළා.''-ඩිලංක ඉසුරු කුමාර

වීඩියෝ ශීර්ෂ වැකිය, පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළ ; ''කුලී වැඩ කරන අම්මගේ මාලේ උකස් තියලා පුහුණුවීම් කළා.''
Published

22 වන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළේ පළමු පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන් බර ඉසිලීමේ ක්‍රීඩක ඩිලංක ඉසුරු කුමාර තමන් පැමිණි ඉතා දුෂ්කර ගමන් මග ගැන BBCයට අදහස් පළ කරන ලදී. ඔහු කිලෝ ග්‍රෑම් 55 බර පංතියේ බර ඉසිලීමේ තරග ඉසව්වේදී ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

දිනකට රුපියල් 850.00ක් පමණ ලැබෙන කුලී රැකියාවක් කරන මව ඔහුට ජයග්‍රහණයේ මාර්ගය පෙන්වූ ආකාරය ගැනත් ස්ථිර රැකියාවක් නොකළ පියා මිය යෑමෙන් පසු පවුලේ බර ඉසුරු මත පැටවීම ගැනත් ඔහු මෙම සංවාදයේදී අදහස් පළ කළේය.

එමෙන්ම තම මීළඟ සිහිනය දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන ලෝක ශුරතා බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කමක් දින දීම බවත් BBC ලෝක සේවයේ ජෙයප්‍රගාශ් නල්ලුසාමි සමඟ කළ සංවාදයකදී පැවසුවේය.