රනිල්ට එල්ලවන විරෝධය ගැන BBC ඇසු පැනයට මහින්ද දුන් පිළිතුර
Published
රනිල් වික්‍රමසිංහ ජනපති වශයෙන් තේරීම ජන මතය නොවන බවට අරගල කරුවන් පැවසුවත් එය නිවැරදි නොමැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි.
මහින්ද රාජපක්ෂ මේ බව පැවසූවේ නව ජනපතිවරයෙකු තෝරා ගැනීම සඳහා අද පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අට වැනි විධායක ජනපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්වීමෙන් පසු පාර්ලිමේන්තුවෙන් පිටව යන අවස්ථාවේදී බීබීසී සිංහල සේවය ඇසූ පැනයටකට පිළිතුරු වශයෙනි.
"එක එක මත තියෙනවා නේ, එයාල කියන්නේ ඒක තමයි ජනමතය කියලා අපි කියන්නේ ඒක නෙමෙයි කියලා." යනුවෙන් මහින්ද රාජපක්ෂ පැවසීය.
නව රජයට තමන් සහභාගී වන්නේදැයි ඇසු පැනයට ඔහු පැවසුවේ "ජනතාවට වැඩ කරන ආණ්ඩුවක් ආවෝත් බලාගෙන ඉන්නවා" යනුවෙනි.


