''අද යනවා ගෝඨා අනිවාර්යෙන්. අද යවලා තමයි පස්ස බලන්නේ.''
Published
අරගලයට සහභාගී වීම් සඳහා ජන ගඟක් කොළඹට පැමිණෙමින් සිටින බවට ප්‍රාදේශීය වාර්තාකරුවන් බීබීසී සිංහලට පැවසීය.
ජනතාව දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට කොළඹට පැමිණීමට විවිධ ප්‍රවාහන මාධ්‍යය උපයෝගී කරගන්නා ආකාරය දැකගත හැකියි.
නවතා දමා තිබුණු දුම්රිය, බස්රථ, ලොරි රථ මෙන්ම විවිධ පෞද්ගලික වාහන යොදාගෙන විශාල ජනකායක් කොළඹට පැමිණෙන බව අප වාර්තාකරුවන් පවසයි.
මහනුවර, ගාල්ල හා අනුරාධපුරයෙන් දුම්රිය මේ වන විට කොළඹට පැමිණීමට පිටත්වී ඇත.
මෙයට අමතරව ජනපති ගෝඨාභය රාජපක්ෂට ධුරයෙන් ඉවත් වන ලෙස ඉල්ලා මේ වන විට දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක වල විරෝධතා පැවැත්වෙන බවට වාර්තාකරුවන් පවසයි.



