පරිසරය ; වසර තුනකට පසු මින්නේරියට අලි ඇවිත්

වීඩියෝ ශීර්ෂ වැකිය, පරිසරය ; වසර තුනකට පසු මින්නේරියට අලි ඇවිත්
Published

දකුණු ආසියාවේ විශාලම අලි රංචුව නැරඹිය හැකි ස්ථානය ලෙස සැලකෙන මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වසර තුනකට පසු අලි නැරඹීමේ අවස්ථාව උදාවී තිබේ.

මේ දිනවල අලි 100-150ත් අතර රංචුවක් දැකගත හැකි බව උද්‍යාන භාරකරු ප්‍රදීප් කුමාර බීබීසීයට පැවසුවේය.

මොරගහකන්ද ජලාශයේ ජලය නිකුත් කිරීමෙන් පසු මින්නේරිය වැවේ ජලය පිරීම නිසා පසුගිය කාලයේ අලි වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වී තිබුණි. ඒ නිසා අලි මිනිස් ගැටුම ද ඉහළ ගිය බව වනජීවී සංරක්ෂණ දෙපර්තමීන්තුව පවසන ලදී.

කෙසේවෙතත් මේ වනවිට මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් කිරීම පාලනය කර ඇති නිසා වසර තුනකට පසු විශාල අලි රංචු දැකීමේ අවස්ථාව සංචාරකයන්ට උදාවී ඇත.