ආර්ථික අර්බුදය ගැන විවාදයේදී මන්ත්‍රීවරු ඵල කළ අදහස් ගැන කතානායකවරයාගේ කණස්සල්ල
Published
රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය සහ ඊට විසඳුම් සෙවීම සඳහා පැවති පාර්ලිමේන්තු විවාදයේදී සාධනීය අදහස් දැක්වීම හා විසඳුම් විරල වීම ගැන කණගාටුව පළ කරන බව කතානායකවරයා අද (අප්‍රේල් 07) ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුදය ගැන ඊයේ මෙන්ම අද දිනයේද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු අදහස් පළ කළහ.
මේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට වත්මන් ආණ්ඩුවට නොහැකි වන අතර ජාත්‍යන්තර සහය ද නොලැබෙන නිසා අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව ඉවත් විය යුතු බව ජාතික නිදස පෙරමුණේ නායක විමල් විරවංශ කියා සිටියේය.

