මඩකලපුවෙන් කෑමට ගෙනා මාළුවාගේ කුස තුළ සිලින්ජරයක් සහ ප්ලාස්ටික් කැබලි
Published
ආහාරයට ගැනීම සඳහා මඩකලපුවෙන් මිලදීගත් මාළුවෙකුගේ කුස තුළ සිලින්ජරයක් ඇතුළු ප්ලාස්ටික් දක්නට ලැබෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
එම මාළුවා කපන අවස්ථාව වීඩියෝ කර ඇති අතර එස්. කුගරාජ් බීබීසීයට පැවසුවේ මාළුවාගේ කුස තුළ ඝන ද්‍රව්‍යක් ඇති බවට තමන්ට දැනුනු නිසා මිතුරෙකු සමහ එය වීඩියෝ කළ බවයි.
මෙලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍ය සමග බැර ලෝහ මාළුවාගේ ශරීරයට එකතු විය හැකි අතර එම මසුන් ආහාරයට ගැනීමෙන් මිනිසුන්ට පිළිකා සහ අනෙකුත් රෝග වැළඳීමේ අවදානමක් පවතින බව රුහුණු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර බීබීසීයට පැවසුවේය.
මේ පුවතට සම්බන්ධ තවත් විස්තර ;