හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ රුසියානු සංචාරය: ප්‍රථම වරට දුටු ශ්‍රී ලංකා යුද හමුදාවේ ශීත නිල ඇඳුම

Sri Lankan Army chief at Russia
Published

රුසියාවේ නිළ සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රථම වරට ශ්‍රී ලංකා යුද හමුදාවේ ශීත නිල ඇඳුමෙන් පෙනී සිටියේය.

ඝන රෙදි විශේෂයකින් නිර්මාණය කරන ලද මෙම නිල ඇඳුම ශ්‍රී ලංකා පොලිස් නිල ඇඳුමේ කාකි වර්ණයට සමාන වර්ණයකින් යුක්තය.

Sri Lankan Army chief at Russia

හමුදා ප්‍රධානීන් අතර සාකච්ඡා

රුසියානු හමුදාව සම්මාන ආචාර පෙලපාලියක් පවත්වා ශ්‍රී ලංකා හමුදාපතිවරයා පිළිගනු ලැබූ අතර, රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී ජෙනරාල් ඕලෙග් සැලියුකොෆ් (General Oleg Salyukov) සමග දෙරට අතර හමුදා සහයෝගීතාවයේ බැඳීම් නව මඟකට ගෙන ඒම සහ යාන්ත්‍රික හා තාක්‍ෂණික අවශ්‍යතා ගැන පුළුල් සාකච්ඡාවක් පවත්වා තිබිණි.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ පුහුණු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම, ඒකාබද්ධ යුද අභ්‍යාස පැවැත්වීම ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු රැසක් ද මෙම සාකච්ඡාවට ඇතුළත් වී තිබිණි.

හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මොස්කව් නුවර පිහිටි ඒකාබද්ධ යුද අණදෙන පාසලේ සංචාරයක ද නිරත විය.

Sri Lankan Army chief at Russia

රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරාල් ඕලෙග් සැලියුකොෆ් 2020 වර්ෂයේ පෙබරවාරි මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

වීඩියෝ ශීර්ෂ වැකිය, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ රුසියා සංචාරය

රුසියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ශ්‍රී ලංකා යුද හමුදාධිපතිවරයාට එහිදී ඔහු විවෘත ආරාධනාවක් කළේය.

වීඩියෝ ශීර්ෂ වැකිය, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ රුසියා සංචාරය

රුසියාව හා ශ්‍රී ලංකාව අතර ආරක්ෂක හා දේශපාලන සබඳතා මෑතක සිට වර්ධනය වෙමින් පවතින අතර පසුගියදා විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ රුසියාවේ සංචාරයක නිරත වූ අතර රුසියානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහයට අයත්, 'Gremyashchiy' යන Corvette වර්ගයේ යුද නෞකාව හා B - 603 සහ B - 274 යන සබ්මැරීනයන්ගෙන් සමන්විත නෞකා බලඝනයක් ඔක්තෝබර් 16 වැනිදා කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකා පිළිගැනීමට කටයුතු කෙරිණි.

Sri Lankan Army chief at Russia

මේ තොරතුරු ද කියවන්න: