වසර හැත්තෑ පහක් දියයට සැතපුන නැව යළි දියඹේ

නැව දිය මතුපිටට ගැනීමෙන් පසු පෙනුන හැටි
ඡායාරූප ශීර්ෂ වැකිය, නැව දිය මතුපිටට ගැනීමෙන් පසු පෙනුන හැටි
Published

දෙවන ලෝක මහා සංග්‍රාමය අවධියේ මෙයින් වසර හැත්තෑ පහකට පෙර ජපන් ගුවන් ප්‍රහාරයකින් ගිල්වා දමන ලද බ්‍රිතාන්‍ය මගී නෞකාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගොඩගනු ලැබ ඇත.

ත්‍රිකුණාමල වරායෙන් ගොඩගනු ලැබුණ 'SS Sagaing' නම් එම නෞකාව ගිල්වා දමනු ලැබ තිබෙන්නේ 1942 වසරේ ජපානය විසින් ශ්‍රී ලංකාවට ගුවනින් බෝම්බ හෙළන ලද ප්‍රහාරයකදීය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් කරුවන් කණ්ඩායමක්, එම නැව යළිත් දිය මතුපිටට ගැනීමට උදව් වූ අතර දියබත් නැවෙහි විශාල කොටසක් නොදිරා ඇති ආකාරය දක්නට ලැබෙයි.

මගී සහ භාණ්ඩ ප්‍රවාහක නෞකාවක් වූ 'SS Sagaing' මෙතෙක් ත්‍රිකුණාමලය වරායේ අඩි තිස්පහක් (10.7m) පමණ ගැඹුරු මුහුදු පත්ලේ තැන්පත්ව තිබුණි.

නැව දිය මතුපිටට ගැනීමේ මෙහෙයුමට මාස කීපයක් ගතවිය.
ඡායාරූප ශීර්ෂ වැකිය, නැව දිය මතුපිටට ගැනීමේ මෙහෙයුමට මාස කීපයක් ගතවිය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැගෙනහිර සේනාංකය විසින් දියත් කරන ලද නැව දිය මතුපිටට ගැනීමේ මෙහෙයුමට මාස කීපයක් ගතවිය.

අඩි 452 ක් දිග නෞකාව එසවීමට පෙර එහි දිරාපත් ප්‍රධාන ආකෘතිය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවක් පැවති හෙයින්, එය පිළිසකර කරනු ලැබීමේ ව්‍යාපෘතිය 2017 සැප්තැම්බර් මාසයේ 11 වෙනි දින ආරම්භ කළ බව සෙනසුරාදා (මාර්තු 31) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.

1942 වසරේ ජපන් ප්‍රහාරයට ගොදුරුවීමට පෙර නැවේ දර්ශනයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, 1942 වසරේ ජපන් ප්‍රහාරයට ගොදුරුවීමට පෙර නැවේ දර්ශනයක්

ඒ වනවිට නැතිව තිබුණ බෝයාව (buoyancy) සොයා ගැනීම සඳහා නැව ඉහළට ඔසවනු ලැබීමට පෙර කිමිදුම්කරුවන් විසින් එය රැඳවීමේ කෘත්‍රිම ආධාරකයක් නිර්මාණය කරනු ලැබ ඇත.

විනාශ වූ 'SS Sagaing' නෞකාව දිය යට තිබියදී එය ත්‍රිකුණාමල වරායේ සෙසු නැව් සඳහා දිය කඩනයක මට්ටමින් පාවිච්චි කෙරෙමින් තිබුණි.

කිමිදුම් කරුවන් පිරිසක් විසින් වෙනත් නැවක් ප්‍රතිසංස්කරණය කෙරෙන අවස්ථාවක් දැක්වෙන පින්තූරයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, කිමිදුම් කරුවන් පිරිසක් විසින් වෙනත් නැවක් ප්‍රතිසංස්කරණය කෙරෙන අවස්ථාවක් දැක්වෙන පින්තූරයක්

සබැඳි පුවත්;