යළි අම්මා ළඟට
Published
හම්බන්තොට, කටුවැව, 'සමරකෝන් වැව' ආසන්නයේ කැළෑ ප්‍රදේශයක වලක වැටී සිටි, මාස තුනක් පමණ වයසැති අලි පැටවෙකු බේරා ගැනීමට හම්බන්තොට වනජීවී නිලධාරින්ට හැකිවිය.
අද (ජුනි 26) ඔවුන් මෙම ප්‍රදේශය බලා පිටත් වූයේ ප්‍රදේශවාසින්ගෙන් ලැබුණු තොරතුරකට අනුව ය.
අලි පැටවා බේරා ගැනීමට ගිය අවස්ථාවේ මව් ඇතින්න ද එම ස්ථානයේ රැදී සිට තිබේ.
මව් ඇතින්න ඈතට පලවා හැරීමෙන් අනතුරුව ගොඩට ගත් අලි පැටවා නැවතත් මව් ඇතින්න දෙසට දිව ගියේය.