අලි රෝහල වැසී යෑමේ අවදානමක

අලි
ඡායාරූප ශීර්ෂ වැකිය, බිම්බෝම්බවලට හසු වී ආබාධිත තත්වයට පත් අලි ඇත්තු ද මධ්‍යස්ථානයේ රැකවරණය ලබති
Published

ලොව අලි ඇතුන් වෙනුවෙන් ඉදි වූ පළමු රෝහල මූල්‍ය ප්‍රතිපාදන හිඟ වීම හේතුවෙන් වැසී යෑමේ අවදානමක පවතින බව එම රෝහලේ බලධාරීහු පවසති.

තම ආයතනය වෙත වහා ආධාර ලබා දෙන මෙන් තායිලන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි රෝහල ඉල්ලා සිටී.

බංකොලොත්භාවයට පත් නොවී තවදුරටත් සිය කටයුතු පවත්වාගෙන යෑම සඳහා ආධාර කරන ලෙසත් එම ආයතනය තායිලන්ත ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.

අලි ඇතුන් වෙනුවෙන් 1993 වසරේ ආරම්භ කෙරුණු මධ්‍යස්ථානය තුළ අලි ඇත්තු පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් රැකවරණය ලබති.

බිම්බෝම්බවලට හසු වී ආබාධිත තත්වයට පත් අලි ඇත්තු ද ඒ අතර වෙති.

කෘතීම පාද

අලි
line
line

ආබාධිත අලි ඇතුන් සඳහා 2008 වසරේ දී ලොව පළමු වරට කෘතීම පාදයක් නිර්මාණය කිරීමත් සමග එම මධ්‍යස්ථානය වෙත ජාත්‍යන්තර අවධානය යොමු විය.

තායිලන්තය බලා පැමිණෙන විදෙස් සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රිය අලි ඇතුන්, නිතරම පීඩාවලට ලක්වන බව සහ හොඳින් රැක බලා නොගන්නා බව සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පවසති.