'සපත්තු නැති' දරුවන්ගේ බුද්ධි වර්ධනයක් ?

Children wearing slippers
ඡායාරූප ශීර්ෂ වැකිය, ෆින්ඩර්න් ප්‍රාථමික විදුහල තම සිසු සිසුවියන්ට පන්ති කාමරය තුළදී පාවහන් පැළඳීමට ඉඩ දී තිබේ
Published

පන්ති කාමරය තුළ සපත්තු වෙනුවට සෙරප්පු පැළඳීමෙන් දරුවන් වඩාත් හොඳ සමර්ථ ලබා ගන්නා බව පර්යේෂණ වාර්තා පෙන්නුම් කරයි.

ඒ පිළිබඳ අවධානය යොමු කළ එංගලන්තයේ ඩර්බිශයර් පළාතේ ෆින්ඩර්න් ප්‍රාථමික විදුහල තම සිසු සිසුවියන්ට පන්ති කාමරය තුළදී සෙරප්පු පැළඳීමට ඉඩ දී තිබේ.

සපත්තු පැළඳීමෙන් වැළකීම දරුවන්ගේ ඉගනීමට යහපත් බලපෑමක් එල්ලකරන බවට පවතින අදහස ෆින්ඩර්න් ප්‍රාථමික විදුහල ක්‍රියාවට නංවා ඇත්තේ අත්හදා බැලීමක් වශයෙනි.

බෝන්මත් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීවන් හෙපල් පෙන්වා දෙන්නේ සපත්තු පැළඳ නොසිටින දරුවන්ගේ හැසිරීම වඩාත් හොඳ යැයි තමන්ට දැක ගැනීමට ලැබුණු බවය.

සෙරප්පු පැළඳ සිසු සිසුවියන් වඩාත් සැහැල්ලුවෙන් පසුවන බව ෆින්ඩර්න් ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය එමා ටිචනර් පවසන්නීය.

මහාචාර්ය ස්ටීවන් හෙපල් වසර දහයක් පුරා රටවල් විසිපහක සිසුසිසුවියන් සම්බන්ධ කරගනිමින් ඒ පිළිබඳ පර්යේෂණ සිදු කොට ඇත.

ස්කැන්ඩිනේවියානු රටවල සහ නවසීලන්තයේ පාසල් ඇතුළු සෙසු රටවල අධ්‍යාපන මධ්‍යස්ථාන තුළ සපත්තු පැළඳීමෙන් වැළකී ඉගෙනීමේ යෙදෙන ක්‍රමවේදය ක්‍රියාවට නංවා තිබේ.

Shoeless children at the TK park learning centre in Bangkok
ඡායාරූප ශීර්ෂ වැකිය, සපත්තු නොමැතිව ඉගනීමේ කටයුතුවල යෙදෙන බැංකොක් දරුවන්

සිසු සිසුවියන්ගේ ඉගෙනීමේ හැකියාව ඉහළ මට්ටමකට ගෙන ඒමේ අරමුණින් සපත්තු පැළඳීමෙන් වැළකී ඉගෙනීමේ අදහස ක්‍රියාවට නැංවූ බව කී විදුහල්පතිනිය එමා ටිචනර්, පාසල් නිල ඇඳුමේ අංගයක් වශයෙන් සපත්තු පැළඳ සිටීම අනිවාර්ය නොවන බව සඳහන් කරන්නීය.

  • දරුවන් මෘදු ලෙස හැසිරෙනු දැකිය හැකිවීම සහ පීඩාකාරී හැසිරීම්වල අඩුවක් සිදු වීම
  • ඝෝෂාකාරී බව අඩුවීම
  • වඩාත් සනීපාරක්ෂක වීම - පන්ති කාමරයේ බිම ඇතිරිලි (carpets) වඩාත් පිරිසිදුව තබා ගැනීමට හැකිවීම සහ මේස පුටුවලට සිදුවන හානි අවම වීම
  • බිම හිඳ ගැනීමට දරුවන් වැඩි කැමැත්තක් දැක්වීම
  • නිල ඇඳුමට පැළඳීය යුතු සපත්තු සම්බන්ධයෙන් ගුරුවරුන්ට තවදුරටත් වද වීමට අවශ්‍ය නැත

එංගලන්තයේ ක්‍රොයිඩන් ප්‍රදේශයේ පිහිටි වෙස්ට් තෝන්ටන් ප්‍රාථමික විදුහල තුළ සෙරප්පු පමණක් පැළඳ සිටිය හැකි කලාප වෙන් කොට තිබේ.

Children wearing slippers

සෙරප්පු පැළඳ සිටීම දරුවන්ට වඩාත් පහසු බව කී එම පාසලේ ගුරුවරියකවන අයිලා අර්ලි, ඒහේතුවෙන් දරුවන්ගේ විභාග ප්‍රතිඵල ඉහළ ගිය බව සඳහන් කළාය.

"නිසැකයෙන් ම දරුවන්ගේ හැසිරීමේ වෙනසක් දැක ගත හැකියි" ඇය වැඩිදුරටත් කියා සිටියාය.