බුදුරුව ඇතුළත් මුළුතැන්ගේ ඇඳුම් රේගුව භාරයේ

ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව ආගමික නායකයෙකුගේ රුවක් එදිනෙදා භාවිත කරන ගෙදරදොර භාණ්ඩ වල මුද්‍රණය කිරීම තහනම් වන අතර එය දඬුවම් ලැබිය හැකි වරදක්

ඡායාරූප මූලාශ්‍රය, FAC

Published

ශ්‍රී ලංකාව හරහා ස්ලෝවේනියාවට ප්‍රවාහනය කෙරෙමින් පැවති භාණ්ඩ තොගයක තිබී බුදුරුව මුද්‍රිත ඒප්‍රන, අත්වැසුම් සහ අත්පිස්නා රේගු නිලධාරීන් විසින් සොයා ගනු ලැබූ බව රේගු ප්‍රකාශක ධර්මසේන කහඳව පවසයි.

ශ්‍රී ලංකා රේගුවට ලැබුණු තොරතුරක් මත මෙම සෝදිසි කිරීම සිදු කළ බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

පෙට්ටි නමසිය හතරක අසුරා තිබූ මුළුතැන්ගේ කටයුතු සඳහා භාවිතා කරන ඒප්‍රන තොගයක් අතර මෙම බුදුරුව මුද්‍රිත නිෂ්පාදන සඟවා තිබුණු බව ඔහු පවසයි.

ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව ආගමික නායකයෙකුගේ රුවක් එදිනෙදා භාවිත කරන ගෙදරදොර භාණ්ඩ වල මුද්‍රණය කිරීම තහනම් වන අතර එය දඬුවම් ලැබිය හැකි වරදක්

ඡායාරූප මූලාශ්‍රය, FCA

ඉන්දියාවේ තූත්තුකුඩි වරායේ සිට ස්ලෝවේනියාව වෙත යැවීමට සැලසුම් කොට තිබූ මෙම භාණ්ඩ තොගය ශ්‍රී ලංකා වරායේ දී හුවමාරු කිරීමට පෙර සෝදිසි කිරීමට ලක් කෙරිණ.

ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව ආගමික නායකයෙකුගේ රුවක් ගෙදරදොර භාණ්ඩ වල මුද්‍රණය කිරීම තහනම් වන අතර එය දඬුවම් ලැබිය හැකි වරදක්වන බව රේගු ප්‍රකාශක ධර්මසේන කහඳව පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සියලු තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු ඉන්දීය රේගුව දැනුවත් කොට භාණ්ඩ නිෂ්පාදකයාට එරෙහිව පියවර ගත හැකි දැයි සොයා බැලීමට කටයුතු කරන බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.