මාර්ග නීති: ප්‍රධාන වැරදි හතකට දඩය රු 25,000

වීඩියෝ ශීර්ෂ වැකිය, මාර්ග නීති: ප්‍රධාන වැරදි හතකට දඩය රු 25,000
Published

මාර්ග නීති කඩකිරීමේ ප්‍රධාන වැරදි හතක් වෙනුවෙන් රුපියල් 25,000 ස්ථානීය දඩ මුදලක් අය කිරීමට ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති සමඟ පැවති සාකච්ඡාවලදී එකඟ වූ බව ආණ්ඩුව පවසයි.

  • බීමත්ව රිය පැදවීම
  • වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම
  • වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයකුට සිය රථය පැදවීමට අවසර දීම
  • අධික වේගය
  • වම් පසින් වාහන පසුකර යාම
  • නොසැලකිලිමත් අයුරින් දුම්රිය හරස් මාර්ග ඔස්සේ රිය පැදවීම
  • රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම

යන මාර්ග නීති උල්ලංඝනය කිරීම් සඳහා එම දඩ මුදල අය කිරීමට එකඟ වූ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.

ගතව ගිය වසර තුල රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීමේ අවස්ථා 50,000 අධික ප්‍රමාණයක් සහ බීමත්ව රිය පැදවීම සම්බන්ධ වැරදි 49,000 ක් පිළිබඳව නීතිමය පියවර ගෙන ඇති බවත් සාකච්ඡාවේදී හෙළි වී තිබේ.

මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශයේ පැවති එම සාකච්ඡාවට නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ සහ පොලිසියේ නියෝජිතයන් ද සහභාගි වූහ.