තහනම් ක්‍රමවලින් මසුන් අල්ලා වැඩ වරද්දාගනී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
Published
ඩයිනමයිට් ඇතුළු තහනම් මසුන් ඇල්ලීමේ ක්‍රම භාවිත කරන පුද්ගලයින් කොටු කරගැනීමේ විශේෂ හදිසි මෙහෙයුමක් අද (නොවැම්බර් 07) පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරිණ.
ධීවර අමාත්‍යංශයේ පැමිණිල්ලකට අනුව විශේෂ කාර්ය බලකාය ඇතුළු පොලිසියේ සියයකට ආසන්න පිරිසක් එම මෙහෙයුමට එක්වූහ.
අද අලුයම ක්‍රියාත්මක කළ එම මෙහෙයුමේදී ව්‍යාපාරිකයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පැවසීය.
ධීවර අමාත්‍යාංශය පවසන පරිදි තහනම් මසුන් ඇල්ලීමේ ක්‍රම භාවිතකරන ධීවරයින් සහ ව්‍යාපාරිකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙනු ඇත.

























