ජනාධිපති මෛත්‍රී G 7 නායකයන් සමඟ

G 7 නායකයන් සමඟ
ඡායාරූප ශීර්ෂ වැකිය, G 7 නායකයන් සමඟ
Published

ලෝකයේ දියුණු කාර්මික රටවල් හතේ (G 7)රාජ්‍ය නායක සමුළුවට සමගාමීව අද (27) පෙරවරුවේ පැවැත්වුන විශේෂ රාජ්‍ය නායක හමුවට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක් විය.

එම විශේෂ හමුව සිදු වුනේ ජපානයේ ඉසෙ-ශිමා නගරයේදීය.

prsedent obama
ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති ඔබාමා සමඟ

ශ්‍රි ලංකාවේ රාජ්‍ය නායකයෙක් G 7 සමුලු රාජ්‍ය නායක හමුවකට ආරාධනා ලද ප්‍රථම අවස්ථාව මෙයයි.

සමුළුවට සහභාගී වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජපානයේ අග්‍රාමාත්‍යවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සෙසු රාජ්‍ය නායකයන් සමඟත් අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථාව උදා විය.

G7
ඡායාරූප ශීර්ෂ වැකිය, G7 සාකච්ඡා

ජපන් අගමැති අබේ ,ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා, ප්‍රංශ ජනාධිපති ෆ්රාන්ෂුවා ඔලොන්ඩ් , කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ට්රුඩෝ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්, ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් ඇතුළු රාජ්‍ය නායකයන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ශුභ පතනු දක්නට ලැබුණි.

ඇන්ජෙලා මර්කල් සමඟ
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇන්ජෙලා මර්කල් සමඟ

ශ්‍රි ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් සියලු සහයෝගය දෙන බවයි G 7 නායකයන් පවසන්නේ.