'එල්ටීටීඊ හිටපු නායකයෙක්' ත්‍රස්ත විමර්ශන භාරයේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
Published
පුනරුත්තාපනය ලද එල්ටීටීඊ හිටපු නායකයකු වන රාම් නැමැත්තා සිය භාරයේ පසු වන බව පොලිසිය තහවුරු කරයි.
පසුගිය සෙනසුරාදා සිට සිය සැමියා අතුරුදහන් වී ඇති බවට රාම්ගේ බිරිඳ පොලිසියට පැමිණිලි කොට තිබිණි.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තබා සිටින බවයි පොලිසිය කියා සිටියේ.
පුනරුත්තාපනය ලබා නිදහස් වී සිටි එල්ටීටීඊ හිටපු සාමාජික රාම් එවකට එම සංවිධානයේ මඩකලපු ප්‍රදේශයට නායකත්වය ලබා දී ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබිණි.























