පූජිත් ජයසුන්දර පොලිස්පති පදවියේ

ඡායාරූප මූලාශ්‍රය, PM
Published
ශ්‍රී ලංකා පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර පත් කරනු ලැබ තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඔහු වෙත භාර දෙනු ලැබිණ.
පොලිස්පති ධුරය සඳහා ව්‍යවස්ථා සභාව විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නම නිර්දේශ කොට තිබුණි.
ඒ සඳහා ජනපතිවරයාගේ අනුමැතිය ලබා දීමෙන් අනතුරුව අද ඊට අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය කෙරිණ.
ව්‍යවස්ථා සභාවේ එකී නිර්දේශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි ප්‍රසාදයක් පල වී තිබෙනු ද දක්නට ලැබිණ.
හිටපු පොලිස්පති එන්කේ ඉලංගකෝන් විශ්‍රාම යෑම නිසා පුරප්පාඩු වූ එම තනතුර සඳහා ව්‍යවස්ථා සභාව වෙත නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනකුගේ නම් යෝජනා වී තිබිණ.























