කෝලි: තරග හතරයි ද්විත්ව ශතක හතරයි

Virat Kohli
Published

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ පිටපිට තරගාවලි හතරකදී ද්විත්ව ශතක රැස්කළ පළමු පිතිකරුවා ලෙස ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි වාර්තා පොතට එක් විය.

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව හියිද්‍රාබාද් නගරයේ පවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවන දින කෝලි ලකුණු 204 ක් රැස් කළේය.

වාර්තා පොතට එක් වීමට මඟ පාදමින් ඉන්දීය කණ්ඩායමේ තවත් පිතිකරුවන් පස් දෙනෙක් අවම වශයෙන් ලකුණු අසූව බැගින් රැස් කළහ.

ඒ අනුව පිටපිට ටෙස්ට් තරග තුනකදී හයසීයට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පළමු කණ්ඩායම ලෙසත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම වාර්තා පොතට එක් වේ.