වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා රංගන හේරත්
Published
ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේදී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය රංගන හේරත් දිනා ගනී.
වසරේ ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ජනතා සම්මානය හිමිකර ගත්තේ කුමාර් සංගක්කාර.
මීට අමතරව හොඳම ටෙස්ට් පිතිකරු සම්මානයද කුමාර් සංගක්කාරට හිමි වූ අතර රංගන හේරත් හොඳම ටෙස්ට් පන්දු යවන්නා විය.
තිලකරත්න දිල්ශාන් හොඳම එක්දින පිතිකරු ලෙස සම්මාන ලැබූ අතර ලසිත් මාලිංග හොඳම එක්දින පන්දු යවන්නා ලෙස සම්මාන ලැබුවේය.
එක දින තරඟ වල තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ක්‍රීඩකයා ලෙස සම්මාන ලබන්නේ ඇන්ජෙලෝ මැතිව්ස්.
හොඳම පිතිකාරිනිය ලෙස දීපිකා රසංගිකා සහ හොඳම පන්දු යවන්නිය වශයෙන් චමනි සෙනවිරත්න සම්මාන ලැබුවාය.