මරණ සංඛ්‍යාව තවත් ඉහළට
මෙම භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 235ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මීට අමතරව තවත් පුද්ගලයින් 4,300ක් තුවාල ලබා ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි. කෙසේ වුවත් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයින් පිළිබඳ දත්ත තවත් ඉහළ යා හැකි බව සහන සේවකයින් පවසනවා.
මෙම ප්‍රබල භූමිකම්පා දෙකෙන් කරාකස් අගනුවර ඇතුළුව නගර රැසක ගොඩනැගිලි 250කට අධික සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා.
සහන සේවා කණ්ඩායම් මේ වන විට කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් හි සිරවී සිටින පුද්ගලයින් ගලවා ගැනීම සඳහා මෙහෙයුම් සිදුකරමින් සිටිනවා.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images




